arundika-fernando-accident

හලාවත – ආණමඩුව මාර්ගයේ පල්ලම – සේරුකැළේ ප්‍රදේශයේදී රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු  ගමන් ගත් වාහනය අද (20) උදෑසන අනතුරට ලක්වී තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ වාහනය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙනි. අනතුර හේතුවෙන් රියදුරු ඇතුළු වාහනයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා ඇත. 


රියදුරු ඇතුළු තිදෙනා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙයි.
 මාර්ගය හරහා ගමන්ගත් පාපැදිකරුවෙකු බේරීමට යාමේදී රථය රියදුරුගේ  පාලනයෙන් ගිලිහී අනතුර සිදුව තිබෙන බව රියදුරු දන්වා ඇත.
කෙසේ වෙතත්, අනතුරෙන්  පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට බරපතල හානියක් සිදුව නොමැති අතර සුළු තුවාල ලැබූ තුවාල ලැබූ  රාජ්‍ය අමාත්‍ය අරුන්දික බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවද වාර්තා විය.


අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා පසුගියදා කොරෝනා රෝගය වැළඳී ප්‍රතිකාර ලැබූ අතර ඔහුගේ නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු පසුගිය දිනවල පක්ෂයේ සාකච්ඡා සඳහාද ඔහු එක්ව තිබුණි.