ආජන්ටිනාව තුළ ක්‍රියාත්මක COVID-19 එන්නත්කරණයේදී ඇතැම් පිරිස් රජයත් සමග පවතින සබඳතා යොදා ගනිමින් නියමිත පිළිවෙළට පිටින් පැන එන්නත් ලබාගත් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය ඇමති ගිනෙස් ගොන්සාලේස් ගාර්සියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.   

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත. "මෙම චෝදනාව සම්බන්ධයෙන් ඔබලා ඉදිරිපත් කළ ඉල්ලීම අනුව මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නවා." ගාර්සිය   සඳහන් කර ඇත.


එරට ජනාධිපති ඇල්බෙර්ටෝ  ෆර්නාඩෙස්ද මෙම ඉවත්වීම පිළිගෙන තිබේ.  පසුගියදා එරට මාධ්‍යවේදියෙකු විසින්  සිදුකරන ලද අදහස් දැක්වීමක් අනුව මෙම  පෝලිම් පැනීම අනාවරණය වී තිබේ. තමන් ඍජුවම සෞඛ්‍ය අමාත්‍යවරයා හා සිදුකළ ඇමතීමකින් අනතුරුව මෙම COVID-19 එන්නත ලබාගත හැකි වූ බව ඔහු එහිදී පවසා තිබුණි.   ආර්ජන්ටිනාව එරට තුළ ක්‍රියාත්මක මෙම එන්නත්කරණයේදී එරට සෞඛ්‍ය අංශ වෙත ප්‍රමුඛතාව ලබාදුන් අතර, පසුව වයස අවුරුදු  70ට වැඩි පිරිස් වෙත එය ලබාදීම සිදුවිය.  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉවත්වීමෙන් හිස්වන ධුරය සඳහා ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි කාර්ලා විසෝට්ටි පත් කෙරෙනු ඇතැයි වාර්තනා පවසයි. එරට වත රුසියාවේ Sputnic V එන්නත ගෙන ඒම සඳහා මැදිහත් වූ තැනැත්තා වන්නේද ඔහුය.