accidentally-discover-extreme-life-beneath-antarctica

ඇන්ටාටිකාවේ අයිස් තට්ටුවක් තුළ සිදුකළ ගවේෂයකින් එහි බලාපොරොත්තු නොවූ ස්ථානයක ජීවීන් හමු වූ බව විද්‍යාඥයන් කණ්ඩායමක් පවසයි. මෙහිදී ඔවුන් එහි පිහිටි Filchner-Ronne on නම් අයිස් තට්ටුව තුළ මීටර් 900ක් ගැඹුරට විදීමක් සිදුකර ඒතුළට කැමරාවක් යවමින් මුහුදු පතුල පිළිබදව නිරික්ෂණය කර ඇත.


ඔවුන්  එහිදී මුහුදු පතුලේ ඇති මඩ පිළිබදව සොයා බැලීමක් බලාපොරොත්තු වී ඇති අතර, පසුව සිදුකළ වැඩිදුර නිරික්ෂණයේ දී එහි සිටි බොහෝ ජීවීන් හඳුනාගැනීමට ලැබී තිබේ.  ඒ අනුව ඉස්පන් සතුන් 16ක්, කුඩා කාවාටියන් ඇතුළු හඳුනානොගත් සත්වයන් 22 දෙනෙකුද එහි සිට ඇත.

ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවක් පතුලේ  මෙලෙස ජිවීන් හමුවීම ඓතිහාසික අවස්ථාවක් බවද විද්‍යාඥයන් පවසා සිටියි.


"මෙවැනි පරිසරයක් තුළ එවැනි ජීවීන් නොපැවතිය හැකි බවට වන සාධක රැසක් එහි තිබෙනවා. එහි ජලයේ උෂ්ණත්වයේ සාමාන්‍යය සෙල්සියස් අංශක -2කටත් වඩා අඩුවීම ඊට  හේතුවයි.” විද්‍යාඥයන් පවසයි.  එහෙත් මෙලෙස හඳුනාගෙන ඇති ජිවීන් සියලු දෙනාම පෙරා බුදින්නන් වන බවත්, ඔවුන්ට මෙම සීතල ජලය තුළ නිපදවෙන පෝෂ්‍ය පදාර්ථ මගින් සිය ජීවිත රැකගැනීමේ අවස්ථාව හිමිව තිබෙන බවත් එම විද්‍යාඥයන් මෙහිදී සඳහන් කර සිටියි.


“මේ ජීවින් ජිවත්වෙන් විවෘත ජලයේ සිට කිලෝමීටර් ගණනාවක් ගැඹුරේ. එය ජීවයකට පැවතීමට අවශ්‍ය හිරු එළියෙන් බොහෝ දුර ඈතයි. ඒ නිසා  මේ ජිවීන් තමන්ට අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ කොපමණක් දුරකට ලබා ගන්නවාද කියන දේ අපිව පුදුමයට පත්ක කරනවා." ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.

accidentally-discover-extreme-life-beneath-antarctica