Pfizer Moderna

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක COVID-19 මර්දන එන්නත්කරණය යටත් Pfizer/ BioNTech එන්නත සහ Moderna එන්නත ලබාදුන් 36 දෙනෙකු තුළ දුර්ලභ ප්‍රතිශක්තිකරණ සංකූලතා පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙහිදී එම පිරිසගේ රුධිරය වෙත ඉන් හානි සිදුවන බව පැවසෙයි.  ඒ අතරින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙන බව මේ පිළිබද අනාවරණය සිදුකරන එරට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසයි.මෙම මිය ගිය තැනැත්තා 56 හැවිරිදි වෛද්‍යවරයෙකු වන ජෝර්ජ් මයිකල් නැමන්තෙකු ලෙස හඳුනාගෙන ඇත.

මියාමි හි පොද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ඔහු පසුගිය ජනවාරි මාසයේදී මෙම Pfizer/BioNTech ඇත. එහෙත් සති දෙකකට පසුව ඔහු මොළයේ හටගත් රක්තපාත තත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත. මෙම තත්වය රුධිරයේ ඇතිවන ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බව පැවසෙයි.මීට අමතරව අනෙකුත් සංකූලතා සහිත පිරිස අතරින් එක් කාන්තාවකට Moderna එන්නත ලබාදී ඇති අයෙකි. ඉන් පසුව ඇයට ඔසප් සංකුලතාවක් ලෙස අධික රුධිර වහනයක් සිදුව ඇති අතර, ප්‍රතිකාර ලබාදීමෙන් මෙම තත්ත්වය පාලනය කර තිබේ. එසේම එම එන්නතම ලබාගත් තවත් පුද්ගලයෙකුගේ මුඛයෙන් රුධිරය වහනය වීමක් ගැනද වාර්තා වෙයි.



රුධිරයේ ඇතිවන මෙම රෝගී තත්වය ඉතාමත් දුර්ලභ වන අතර මේ හේත්තුවෙන් ශරිරයේ පවතින ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙත පහරදීමක් සිදුවී එහි ඇති රුධිර කැටිති දියවීමකට ලක් කරයි. ඒ හරහා අභ්‍යන්තර හෝ බාහිර රුධිර ගැලීම් සිදුවීම් හැකියාවක් පවතී. සම මතුපිටදී එය කුෂ්ටයක් ලෙසින්ද දැකගත හැකිය.