
නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ (04) ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146ක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව දඬුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලබාදීම,ගෙවීමට ඇති දඩ අහෝසි කිරීම,වයස අවුරුදු 65 ට වැඩි දඬුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීම මේ යටතේ සිදුවනවා.
වයස අවුරුදු 50 ට වැඩි වසර 25 කට වඩා සිරදඩුවම් විඳ ඇති සිරකරුවන් නිදහස් කිරීම හා තරුණ වරදකරුවන් අතුරින් තම දඩුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති අය නිදහස් කිරීමද මේ යටතේ සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේය.
Comments
Post a Comment
Your comment will be visible after approval