මියගිය COVID-19 රෝගීන් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. විශේෂයෙන් මුස්ලිම්වරුන් සහ රටේ අනෙකුත් සුළු ජාතීන් 

සම්බන්ධයෙන්
ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිව මෙම කටයුත්ත සිදු කරන බවට අද දින ජිනීවාහි එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය නිකුත් කළ ලිපියක දැක්වේ.
ලිපියට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් කියා සිටින්නේ මෙම භාවිතයෙන් පවත්නා අගතීන්, නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බවයි.
“COVID-19 බවට තහවුරු වූ හෝ සැක කරන ලද සිරුරු හැසිරවීමේ එකම විකල්පය ලෙස ආදාහනය පැනවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.
මළ සිරුරු භූමදානය කිරීම COVID-19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි කරන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල ස්ථාපිත වෛද්‍ය හෝ විද්‍යාත්මක සාක්ෂි නොමැත."
යනුවෙන් ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.
නිවේදනයට අදාළ යොමුව  හා ලිපිය පහතින්
https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=26686&LangID=E