
සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට උසාවියෙන් නියෝගයක් හෝ නීතිපතිවරයාගෙන් අවසරයක් ලැබෙන්නේ නම් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට හැකියාව ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාකඳුරේදී ඉකුත්දා (15) පැවැසීය. මාකඳුර ශ්‍රී සිවිසුද්ධාරාම විහාරස්ථානයේ පැරැණි බුදු මැදුරෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා එසේ කීය. මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.
මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිවාසිකම තිබෙනවා.
එමෙන්ම අවශ්‍ය ඕනෑම කෙනකුට පී.සී.ආර්. පරික්ෂණ කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු සලස්වා තිබෙනවා. පවතින තත්වය අනුව පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන් තීන්දු කරනවා නම් ඒකට කිසිම බාධාවක් නැහැ යැයි ද මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කීය.
-කේ. අජිත්-
Comments
Post a Comment
Your comment will be visible after approval