
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදීසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (01) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඊයේ (02) දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවද වාර්තා වන අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය තවම යහපත් අතට හැරී නැත.
දැනට 87 හැවිරිදි වියේ පසුවන සම්බන්දන් මහතා මෑත කාලයේ පෙර අවස්ථා කිහිපයකදීත් රෝහල් ගතවී ප්‍රතිකාර ලබාගත්තේය.
දැනට දේශපාලන ක්ෂෙත්‍රයේ සිටින වයෝවෘද්ධම නායකයෙකු වන ඔහුගේ පාර්ලිමේන්තු දිවිය වසර 30 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval