පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.


අද දහවල් 11.30 ට පමණ පාර්ලිමේන්තුවේ සිට ඔහු රැගෙන එන ලද්දේ බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේය.

ඔහු වෛද්‍ය වාට්ටුවකට ඇතුළත් කරනු ලැබ ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවකට වෙඩි තබා එහි සිටි පුද්ගලයෙකු මරණයට පත් කළේය යන චෝදනාවට වරදකරුවී රත්නපුර මහාධිකරණයෙන් මරණීය දඬුවම නියම වී සිටින ජයසේකර මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බන්ධනාගරයේ සිටය.
(විනීතා එම් ගමගේ)