
නිරෝධායන දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් කටාන පොලිස් වසමේ දාගොන්න වැව පාරේ නීතිවිරෝධී කසිප්පු
ස්කාගාරයක් පවත්වාගෙන ගිය සැකරුවකු රුපියල් දසදහසක මුදල් සහ ලක්ෂ පහක
ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එම්.පී. චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේය, පැලියගොඩ
අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී කසිප්පු බෝතල් 305ක්, ගෝඩා බැරල් 14ක්, ගෑස් ළිප් සහ
ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ සමඟ රොෂාන් ප්‍රේමතිලක නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මහියංගණයේ පදිංචිකරුවකු බව කියන සැකකරු මෙම නිවෙස කුලියට ගෙන කසිප්පු ස්කාගාරය පවත්වාගෙන
ගොස් ඇත.
පිටස්තර පුද්ගලයන් නිවෙසට පැමිණීම වැළැක්වීම සඳහා උපක්‍රමයක් ලෙස කොවිඩ් - 19 සඳහා
නිරෝධායනයට ලක්කර සිටින නිවෙස්වල සෞඛ්‍ය අංශ අලවන දැන්වීමක් සැකකරු විසින් නිවෙස ඉදිරිපිට
සවිකර තිබී ඇත.
කටාන - බර්ටි වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval