
අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් තලංගම සරත් සුමනසේකර මාවතේ නිවෙසක් තුළ තිබියදී
තලංගම පොලිසිය විසින් පෙරේදා (27දා) පෙරවරුවේ සොයාගෙන තිබේ.
එසේ මියගොස් තිබුණේ පොන්නතුරේ දර්ශනී නමැති පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පමණ
කාන්තාවකි.
මෙම කාන්තාව මෙම නිවෙසේ කුලියට හෝ තාවකාලිකව නැවතී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය
පැවැසූ අතර නිවෙසේ කාමරයක් තුළ තිබී මෙම සිරුර සොයාගෙන ඇත.
මියගොස් සිටි කාන්තාව ගැබ්ගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පැවැසීය.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (28දා) පැවත්වීමට නියමිතව තිබූ අතර තලංගම පොලිසියේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ උපදෙස් මත තලංගම පොලිසිය වැඩිදුර
පරීක්ෂණ සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval