ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ඇතුළු එරට රාජ්‍යතාන්ත්‍රිකයන් හා නිලධාරින් 28දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට චීනය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. චීනයේ ස්වෛරිත්වය වෙත ඇගිලි ගැසීම ඔවුන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා වෙයි. 


චීන විදේශ අමාත්‍යාංශය විසින් පෙරේදා (20දා) මෙම සම්බාධක පැනවීම පිළිබද නිවේදනය සිදුකර තිබේ. ආසන්න කාලසීමාවේදී එක්සත් ජනපදයේ සිටින චීන විරෝධි දේශපාලනඥයන් සිය ආත්මාර්ථකාමී දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් මෙලෙස චීනයට එරෙහිව දැඩි ලෙස කටයුතු කළ බවත්, ඒ හරහා චීන සහ ඇමෙරිකානු ජනතාවගේ අභිලාශයන් පෙන්නුම් නොකළ බවත් විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව රාජ්‍ය ලේකම්වරයාද ඇතුළුව මෙලෙස සම්බාධක පැනවුණු නිලධාරීන් සැලසුම් සහගතව චීනයේ අභ්‍යන්තර කටයුතු අවුල් කරවීමට මැදිහත් වූ බවත්, චීතයේ වුවමනාවන් නොසලකා හැරි බවත්, චීන ජනතාව වරදකරුවන් බවට පත් කළ බවත්, එසේම එය චීනයත් - එක්සත් ජනපදයත් අතර සබඳතාව වෙත දැඩිව හානි කළ බවත් විදේශ අමාත්‍යාංශය සදහන් කරයි.

මෙහිදී මයික් පොම්පෙඕට අමතරව, පීටර් කේ. නවාරෝ, රොබට් ඔ'බ්‍රයන්, ඩේවිඩි ස්ටිල්වෙල්, මැතිව් පොටින්ගර්, ඇලෙක්ස් එම්. අසාර්, කීත් ක්‍රාව් සහ කෙලී ක්‍රාෆ්ටි යන ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් වෙත මෙන්ම ජොන් ආර්. බෝල්ටන් වෙත සහ ස්ටීවන් කේ බෙනොන් සම්බන්ධයෙන්ද මෙම සම්බාධක පැමිණ වී තිබේ.

මෙම සම්බාධක යටතේ මෙම පුද්ගලයන්ට අමතරව ඔවුන්ගේ ළඟම පවුලේ සාමාජිකයන්ටද චීනය  වෙත මෙන්ම හොංකොං සහ මැකාඕ යන චීනයේ පාලනය යටතේ පවතින නගර සහ රාජ්‍යයන් වෙතද පැමිණීම තහනම් කෙරී ඇත. එසේම ඔවුන්ට සහ ඔවුන් හා සම්බන්ධ සමාගම් සහ ආයතන වෙතද චීනය තුළ ව්‍යාපාර කටයුතු සහ මෙහෙයුම් පවත්වාගෙන යාමද තහනම් කෙරී තිබේ.