දේශපාලන නායකයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ලොව පුරා කීර්තියක් අත්කර ගත් එක්සත් ජනපද සීඑන්එන් නාලිකාවේ   දැවැන්ත නිවේදක ලැරී කිං වයස අවුරුදු 87 දී අද මියගියේය.


කිං සිය දශක හයක වෘත්තීය ජීවිතය තුළ සම්මුඛ සාකච්ඡා 50,000 ක් පවත්වා ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර ජනප්‍රිය සීඑන්එන්හි ඔහුගේ සේවයට වසර 25 ක් ඇතුළත්ය.
පසුගිය දෙසැම්බර් මස කොරෝනා වැළඳීම නිසා රෝගාතුරවූ ඔහු ලොස් ඇන්ජලීස් හි සීඩාර්ස්-සීනයි වෛද්‍ය මධ්‍යස්ථානයේදී මිය ගිය බව ඔහුගේ පුතු මාධ්‍ය වෙත තහවුරු කර තිබේ. ආසන්න කාලයේ හෘදයාබාධ ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට ඔහු ලක්වූ බවද වාර්තා විය.

කිං කාන්තාවන් හත් දෙනෙකු සමඟ අට වතාවක් විවාහ වූ අතර ඔහුට දරුවන් පස්දෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් දෙදෙනෙකුද පසුගිය සතියේ මිය ගියහ. දියණිය චියා පෙනහළු පිළිකාවක් හේතුවෙන් මිය ගිය අතර පුතා ඇන්ඩි හෘදයාබාධයකින් මිය ගියේය.

කිං ඔහුගෙ කාලය තුළ සෑම එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු සමඟම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත්තෙකි. ඔහුගේ අනෙකුත් ඉහළ පෙළේ අමුත්තන් අතර ආචාර්ය මාටින් ලූතර් කිං, දලයි ලාමා, නෙල්සන් මැන්ඩෙලා සහ ලේඩි ගගාද ඇතුළත් විය.

1933 දී නිව් යෝර්ක් හි බෘක්ලින් හි උපත ලැබූ ඔහු ලෝරන්ස් හාවි සීගර් නම් විය. 1970 ගණන්වලදී ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන වන ලැරී කිං ෂෝ කීර්තියට පත්විය.
1985 දී ඔහු සීඑන්එන් හි ලැරී කිං ලයිව් දියත් කළේය.
ලොව පුරා විකාශය වූ මෙම වැඩසටහන ප්‍රේක්ෂකයින් අතර සාර්ථක වූ අතර ඔහුට සම්මාන ගණනාවක් හිමි විය. එහෙත් ඔහුගේ ඇතැම් සම්මුඛ සාකච්ඡා පක්ෂපාතී බවට විවේචනයට ලක් විය.

2010 වන විට ඔහුගේ ශ්‍රේණිගත කිරීම් සැලකිය යුතු ලෙස පහත වැටී ගිය අතර විචාරකයින් කියා සිටියේ වඩාත් ආක්‍රමණශීලී සම්මුඛ සාකච්ඡා ශෛලීන්ගෙන් යුත් යුගයක කිංගේ ප්‍රවේශය යල් පැන ගිය එකක් බවයි. කිං පසුව විශ්‍රාම ගැනීම නිවේදනය කළේය.

වයස 77 දී සීඑන්එන් හි සිය අවසන් වැඩසටහනේදී කිං සිය නරඹන්නන්ට මෙසේ පැවසීය: "මගේ ප්‍රේක්ෂකයින්ට කුමක් කියන්නදැයි මම නොදනිමි. සමුගැනීමට මට මෙතරම් කාලයක් ගත වූයේ කෙසේද?"