
මාතලේ කැටවල රජ්ජම්මන තලයාය කැලේ මිනිරන් පතලක වළලා තිබූ මීට මාස 06කට පෙර අතුරුදන්ව සිටි 65 හැවිරිදි තිදරු පියෙකුගේ මෘත ශරිරයක් මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චාමර වික්‍රමනායක මහතා සහ මාතලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න අප්පුහාමි මහතා ඉදිරියේ ඊයේ (26) ගොඩගනු ලැබීය.
මෙසේ ගොඩගනු ලැබුවේ මඩවල උල්පත රජ්ජම්මන තලයාය ගමේ පදිංචිව සිටි අලුත් ගෙදර විජේරත්න නමැති තිදරු පියාගේ මෘත ශරීරයය.
අලුත් ගෙදර විජේරත්න නමැති තිදරු පියා අතුරුදන් වී ඇත්තේ 2020 ජූලි මස 07 වැනිදාය. මේ සම්බන්ධව මහවෙල පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ. අතුරුදන් වූ පියාට ගැන තොරතුරු වගයක් හෙළි වී අලුත් ගෙදර විජේරත්න නමැති අයගේ පුතෙකු වන අරුණ නිශ්ශංක විජේරත්න යන අය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාට මේ සම්බන්ධව ලිඛිතව කෙරුනු දැනුම් දීමක් මත මෙහි විමර්ශන යළි ආරම්භ වී ඇත.
- ඉන්දික අරුණ කුමාර -
Comments
Post a Comment
Your comment will be visible after approval