
මන්ත්‍රීවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයේ සේවකයින්ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කථානායකවරයා ප්‍රකාශ කර සිටින්නේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් වෛරසය වැළඳීම සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කථානායකවරයා මෙසේ අදහස් පළකර සිටියේය.
“පාර්ලිමේන්තුව තුළ කොරෝනා තත්ත්වයක් කවදාකවත් තිබුණේ නෑ. මන්ත්‍රීවරුන් කියන්නේ හැම උත්සවයකටම සහභාගි වන උදවිය. ඉතින් එහෙම ගියාම ඒ උදවියට යම් යම් ස්ථානවලදී හැදුනා මිසක් පාර්ලිමේන්තුව ඇතුළේ දී කාටවත් බෝ වෙච්ච බවත් මේ වෙනකන් දැනගන්න ලැබිලා නැහැ. සේවකයොත් ඒ පළාත්වලදී අසාදනය වෙච්ච උදවිය ගැන තමයි අපට තොරතුරු වාර්තා වී තියෙන්නේ. අපි හැමෝටම මේ අවදානම ගැන කියලා තියෙනවා. සියලුදෙනාම නිරන්තරයෙන් අපි පීසීආර් පරික්ෂණවලට යොමු කරනවා. එහෙම කරලා බලනවා අපේ කණ්ඩායම රැක ගන්න ඇතුළේදී.”
Comments
Post a Comment
Your comment will be visible after approval