මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඇටිකෙහෙල්ගල්ල මොරහේනවත්ත ප්‍රදේශයේ කුඩා වෙළඳසලක ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබූ තරුණ මළ සිරුරක් වැලිවේරිය පොලිසිය විසින් ඊයේ 05 දා පෙරවරුවේදී සොයාගනු ලැබීය.


එම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පවුලක 22 හැවිරිදි තරුණයකු වන දමිත් මධුසංඛ පෙරේරා නමැති තරුණයා එලෙස මියගොස් අකැයි පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

එම ස්ථානයේ එකළඟ පිහිටි නිවාස තුනක 14 දෙනකු මෙලස දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කොරෝනා ආසාදනය වූ වරාය සේවකයකුගේ සමීපතමයින් වන බැවින් එම පවුල් මෙලෙස නිරෝධායනය කර තිබූ බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් ගමගේ මහතා පැවසීය.

මෘත ශරිරය පී.සී.ආර්. පරික්ෂණයකට ලක්කරන බව පැවසු මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිහාල් ගමගේ මහතා ඔහුගේ පවුල්වල සාමාජිකයන්ද අද (06) දා පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකරන බවද කීවේය.

මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සමග වැලිවේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


- උපාලි රණවීර -