
මහර බන්ධනාගාර නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ දේපොළවලට හානි සිදුකරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 128දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසිය.
මේ අතර බන්ධනාගාර කැරැල්ල මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයන් 25දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විසින් හඳුනා ගෙන ඇති අතර, එම පුද්ගලයන් ඇතුළු සිද්ධියට සම්බන්ධ 128දෙනාගේ නාමලේඛනය මහර බන්ධනාගාරයේ අධිකාරිවරයාට මේ වනවිට භාරදී තිබේ.
මෙම කැරැල්ලේ මහ මොළකාරයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ පාතාල කල්ලි නායකයන්ගේ ප්‍රධානතම ගෝල බාලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිමැරුම් ඇතුළු දරුණු අපරාධවලට චෝදනා ලද්දවුන් බවත් තවත් පිරිසක් ඇප ලබා නිරෝධායනයට යොමුකර තම නිවෙස්වලට යාමට සිටියදී කරැල්ලට සම්බන්ධ වූ නිසා නඩු පවරන තුරු වත්තල මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝගයක් යටතේ තවදුරටත් මහර බන්ධනාගාරය තුළම රඳවා ගෙන සිටින රැඳවියන් පිරිසක් බව හෙළිවී ඇත.
මහර බන්ධනාගාර ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට, ඖෂධ ගබඩාවට, ලේඛනාගාරය ඇතුළු දේපොළ රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර තක්සේරු දෙපාර්තමේන්තුව ලබාදී ඇති වාර්තාවේ සඳහන් අන්දමට සිදුව ඇති අලාභය කෝට් 6කට අධික බව පැවසේ.
- සරත් චින්තක -
Comments
Post a Comment
Your comment will be visible after approval