ජාතික ලොතරැයි මණ්ඩලය මගින් අලෙවි කර දිනුම් ඇදීම සිදු කරන මහජන සම්පත එක  සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවට සමාජ ජාලා වල ප්‍රචාරයවීමෙන් පසුව එම ආයතනයේ තාක්ෂණික අංශය විසින්  එවැනි ටිකට්පත් නිකුත්ව ඇති බව
පිළිගනු ලැබ තිබේ.ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ජනතාව දශක 06 ක් පුරා පැවති විශ්වාසය ගැටලුකාරී තත්වයට හෙළමින් එළිවූ
මෙම දෝෂය  මහජන සම්පත ටිකට් පත් මුද්‍රණය කරන රජයේ මුද්‍රණ සංස්ථාවේ අඩුපාඩුවක් බව සභාපති ලලිත් පියුම් පෙරේරා දන්වා ඇත.
මෙය කිසි විටෙක සිදු නොවිය යුතු වරදක් බව ආයතනය අවධාරණය කර ඇති අතර යම් හෙයකින් මෙම ටිකට් පත් සදහා තාග්‍ය මුදලක් ලැබී ඇත්නම් එම ටිකට් පත් දෙක සදහාම අදාල තාග්‍ය වටිනාම ලබා දීමට කටයුතු කරන බවද දන්වා ඇත.






------- [Send your emails to editor - editor@gossiplankanews.com]