
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ පිහිටි සිය මාමාගේ නිවසට පැමිණ රුපියල් හාරලක්ෂ තිස්දහසක් වටිනා රන් ආභරණ සොරකම් කර විකුණා එම මුදලින් රුපියල් 50,000 ක් වැය කර ජංගම දුරකථනයක් ලබාගෙන ඔන්ලයින් ගේම් ගැසූ බව කියන 15 හැවිරිදි සිසුවෙක් කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවකු වන මොහු කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ පිහිටි සිය මාමාගේ නිවෙසට පැමිණ ඇත්තේ ඔන්ලයින් මගින් අධ්‍යාපනය ලැබීම සඳහා බව පොලිසිය කියයි. මෙම නිවසේ තිබූ නවීන පන්නයේ දුරකථනය දැක එවැනි දුරකථනයක් ලබාගන්නට ආසා කළ මෙම සිසුවා එම නිවසේ කාමරයක තිබූ රුපියල් 430,000 ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කර ඔහුගේ මිතුරකුගේ පියකු මාර්ගයෙන් අලෙවි කර එම මුදලින් රුපියල් 50,000 ක් වැය කර ජංගම දුරකථනයක් ලබාගෙන ඔන්ලයින් හරහා ගේම් ගසා ඇති බව පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව පරික්ෂණ පැවැත්වූ පොලිසිය සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර සිද්ධියට සැකපිට 15 හැවිරිදි සිසුවා සහ ඔහුට උපකාර කළ ඔහුගේ මිතුරකුගේ පියා ද අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබේ.
-මොහොමඩ් ආසික්-
Comments
Post a Comment
Your comment will be visible after approval