ඉන්දියාවේ දකුණුදිග කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පිහිටි '  වොන්ඩෙර්ලා ' විනෝද උද්‍යානය පසුගිය ඉරිදා දිනයේ ඒ වෙත පැමිණෙන 'කමලා' නම ඇති සියලුම දෙනාට නොමිලේ ඒ වෙත ඇතුළු වීමේ අවස්ථාව  ලබාදීමට තීරණය කර ඇතැයි 
වාර්තා වෙයි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකාව එක්සත්  ජනපදයේ වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස්ගේ ධුර ප්‍රාප්තියට සතුට පළ කිරීමක් ලෙස එම විනෝද උද්‍යානයේ බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.


‘ඉරිදා දිනයේ සෑම කමලා කෙනෙක්ම දිනුම්” යනුවෙන් මෙම උද්‍යානය සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබී ඇත. බැංගලෝර නගරයට අමතරව කෝවි සහ හයිද්‍රබාදහි පිහිටි වොන්ඩෙර්ලා උද්‍යානහිදීද  මෙම අවස්ථාව ලබා දී තිබූ බව පැවසෙයි.‍