ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකාව පෙන්වූ උදාසීන ක්‍රීඩා විලාසයට එකතුවූ කරුණු ගැන පවතින සාකච්චාවක් අතරතුර ක්‍රීඩා විවේකාගාරයේ  කුසල් ජනිත් ඇතුලු පිරිසක් කාඩ් ක්‍රීඩාවේ නිරතවීම ගැන කථාබහක් ඇතිව තිබේ. මෙම දසුන් රූපවාහිනී තිරයේ දිස්වීමෙන් පසු හිටපු නායක සනත් ජයසුරිය ඒගැන මෙසේ ප්‍රකාශ කර තිබේ.

“තරඟයේ තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින අතිරේක ක්‍රීඩකයින් ක්‍රීඩා විවේකාගාරයට වී කාඩ් ක්‍රීඩාවේ නිරත වීම දැකීමෙන් තමන් අතිශයින් කලකිරීමට පත්වුණා. මෙය එලෙස සිදුනොවිය යුතුයි. ක්‍රීඩාගාරය තුල ධනාත්මක ශක්තියක් තිබීම අනිවාර්යයි. එය මෙවන් වැදගත් අවස්ථාවක ක්‍රීඩකයින් ශක්තිමත් වී සිටීම වැදගත්. මෙය හරියට රෝමය ගිනි ගනිද්දී නීරෝ විණාව වාදනය කළා හා සමානයි.
මෙම කණ්ඩායම පීඩනයට ලක්ව සිටින බවක් පෙනී යනවා. ඔවුන් ඔවුන්ගේ ස්වාභාවික ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. ඔවුන් කලබල වී ඔවුන්ගේ කඩුලු පුජාකරන බවයි පෙනී යන්නේ.
මට කුසල් මෙන්ඩිස් ගැන දැනෙනවා. මම හිතන්නේ ඔහුට විවේකයක් අවශ්‍යයි. ඔහු අනාගතයේ දී විශාල බලපෑමක් ඇති කරනු ඇති බවට සැකයක් නැහැ. නමුත් මේ වන විට ඔහුගේ විශ්වාසනීය මට්ටම පහත වැටී තිබෙන්නේ. ඒ නිසා ඔහුට ක්‍රීඩාවෙන් විවේකයක් අත්‍යාවශ්‍යයි”  සනත් ජයසුරිය ප්‍රකාශ කර සිටියේය.