අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ දීර්ඝ කාලයක් ජනාධිපති ධූරය දැරූ යොවේරි මුසවේනී 6 වැනි වතාවටත් එරට ජනපති ලෙස තේරී පත්ව ඇත.76 හැවිරිදි වියේ පසුවන ඔහු 1986 වසරේ සිට  වසර 34 ක් තිස්සේ උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස කටයතු කරමින් සිටියි.

මින් ඉහත මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරතවූ යොවෙරි මුසවේනි ගැන ඒ දිනවල විශේෂ කතාබහක් ඇති විය.
මෙම මැතිවරණය දූෂිත එකක් බවට විපක්ෂය චෝදනා කරන මුත් එම චෝදනා ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.
යොවේරී මුසවේනී 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ බොබි රයින් ලබාගත්තේ 35%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.