
ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 06ක් ලබන බඳාදා දිනය වන විට මෙරට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි යට්ටපාන ප්‍රදේශයේ දී අද පැවැත්වෙන "ගම සමග පිළිසඳරක්" වැඩසටහන සමග එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවෙ ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නත් ඊයේ අනුමත කළ අතර ඉන්දියාවද පසුගියදා දන්වා සිටියේ ලංකාවට එන්නත් තොගයක් එවීමට සූදානම් කර ඇති බවයි.
මෙම එන්නත් මුලින්ම කොරෝනා මැඩලීමේ අත්‍යවශ්‍ය රාජකාරියේ නිරත සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වෙත ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval