ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් පළමු තොගය රැගත් ඉන්දීය ගුවන් සේවයේ AI 281 යානය කටුනායක ගුවන් තොටුපළ වෙත මීට සුළු මොහොතකට පෙර 

ළඟා වුණ අතර පළමු තොගය ගොඩබාමින් පවතින බව ගුවන් තොටුපළ ආරංචි වාර්තා කර ඇත. පළමු තොගයට අයත් මාත්‍රා ලක්ෂ 5ක් භාර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපළට ගිය බවද වාර්තා විය.

ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මෙම එන්නන් භාර දෙන බවද වාර්තා විය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් අනුව මෙම තොගය ලබාදෙන අතර මෙම තොගය ලංකාවට පැමිණි ආකාරය ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සිය ටිවිටර් ගිණුමේ ඡායාරූප සහිතව වාර්තා කර තිබුනේ පහත පරිදිය.