
ඉරාජ් විසින් පළ කළ වීඩියෝවකදී ෂැංග්‍රිලා එකේ සර් ෆේල් කැම්පේන් එක කරන කොකේන් ගහන මන්ත්‍රීවරයකු ගැන පසුගියදා සිදු කළ ප්‍රසිද්ධියකින් පසු එය හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉලක්ක කර සිදු කරන ලද්දක් බවට වාර්තා පළ විය.
මෙම චෝදනාව හරින් මන්ත්‍රීවරයා වෙනස් ආකාරයකට ප්‍රතිචාර දක්වා ඇත.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ලෙස තමාට එල්ලවී ඇති චෝදනාව නිෂ්ප්‍රභා කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මුත්‍රා පරීක්ෂණයකට ලක් වී තිබේ. පසුගිය 23 වනදා ඔහු එම චෝදනා වලින් නිදහස් බවට රෝහලක් මගින් සනාථ කර තිබේ. කෙසේ වෙතත් ඔහුගේ සාම්පල පරීක්ෂණයට යොදාගත් මුත්‍රා වෙන කාගේ හෝ විය හැකි බවට එල්ලවිය හැකි සැකය නැති කිරීමට පුද්ගලික රෝහල් වැසිකිලියේදී තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව පටිගත කළ වීඩියෝවක් ඔස්සේ සමාජ ජාල වෙත යැවීමට ඔහු කටයුතු කර තිබුණි.
පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයා මෙවැනි දෙයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේදී පෙන්වා ඇති දේශපාලනිකව පරිණත රහිත විලාසය මේ වනවිට විවේචනයට ලක්වෙමින් පවතී.
එම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval