එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.
 
ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ යන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. අනෙක් සැකකරු වන නාලක එදිරිසිංහ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බවද ඔහු ඊයේ හසුවූයේ නැති බවද පොලිසිය පවසයි.


නීතිපතිවරයා විසින් නිකුත් කළ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ETI ෆයිනැන්ස්  සමාගමේ මුදල් තැන්පත් කළ රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මූල්‍ය ගැටලුව නිසා ස්වර්ණවාහිනී ඇතුළු ඊඒපී ව්‍යාපාර ජාලයේ වැඩි කොටසක් අන් අයට විකුණා දැමීමටද මෙම පවුලේ අයට සිදුවිය.

රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් මෙම සැකකරුවන් රැඳී සිටි ඔවුන්ගේ කොළඹ  සුපිරි නිවාස පිහිටි බාන්ස් පෙදෙසේ සහ හෝර්ටන් පෙදෙසේ නිවාසයන් වලට ගොස්  මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඊයේ රාත්‍රියේ එම සැකකරුවන් රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගනිමින් තිබුණි.

සැකකරුවන් අද (6)දින අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත්
සඳහන් කළේය.

සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් 
පෞද්ගලික සමාගම ශ්‍රී  ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව සහ නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මුදල් ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් 2011 අංක 41 දරන මුදල් පනතට හා ඊට පූර්වගාමී වූ පනත් යටතේ දණ්ඩනීය වරදක් ලෙස දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර මහාධිකරණය වෙත ගොනු කිරීමට ඉදිරියේදී නීතිපතිවරයා කටයුතු කරන බව අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවැසුවාය.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශ අනුව නීතිපතිවරයා විසින්  සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස්
පෞද්ගලික සමාගමේ හිටපු සභාපතිනිය වූ නැසී ගිය සෝමා එදිරිසිංහ මහත්මිය හා ඇයගේ පවුලේ
සාමාජිකයන් වූ ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ හා
අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මෙලෙස ඉදිරි පියවර ගනු ලබන බව අධිනීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණය
නොකරන ලද ගිණුම් undisclosed accounts පවත්වා ගනිමින් රුපියල් බිලියන 6,480 තැම්පත් නීති
විරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන්  පසුගිය 2020 ඔක්තෝබර් මස 23 වැනි දින ලිපියක් මගින්
 සාක්ෂිව අනාවරණය වී තිබීම ගැනද පරීක්ෂණ අරඹා ඇත.