ගෙදර ගිහිං බලන්න බිරියගෙ බෙල්ල ගැලවිලා තියේවි - ධම්මිකට කාලි ආවේශවී මට අඩංතේට්ටම් කළා

Ad Code

ගෙදර ගිහිං බලන්න බිරියගෙ බෙල්ල ගැලවිලා තියේවි - ධම්මිකට කාලි ආවේශවී මට අඩංතේට්ටම් කළා


කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ පැණිය මිලදී ගැනීමට තමන් ගිය පසුව ඔහුගේ අසාමාන්‍ය අඩන්තේට්ටම් වලට ලක්වූ ආකාරය පැහැදිලි කරමින් පේරාදෙණිය රෝහලේ දත්න ශල්‍ය වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
ඔහු එහිදී මෙසේ කීය.

‘12 වනදා දහවල් රෝහලේ කාර්යභාර නිලධාරීතුමා මගෙන් ඉල්ලීමක් කළා ධම්මික වෙදමහතාගෙන් පැණි වගයක් ගේන්න සල්ලි එකතු කරල තියනවා රෝහලේ පුළුවන්ද ගිහින් අරන් එන්න කියලා. මං එහෙ ගියේ ඒ නිසා. නමුත් බෙහෙත් එක්වරම ලැබුනෙ නැහැ ධම්මික වෙදමහතා දීර්ඝ කතාවක් කරා අපට පරක්කු නිසා අපිට ඉක්මණීන් දෙන්න පුළුවන්ද ඇහුවා. ඒ වෙලාවෙ එයා කියනවා එහෙම දෙන්න බැහැ මෑණියෝ කියන වෙලාවට තමා බෙහෙත දෙන්නෙ කියලා. මගේ බිරියටත් මේක පෙන්නන්න පුළුවන් නිසා මං වීඩියෝ කළා මේ කතාව.
පැණිය පරක්කු වෙන නිසා අපි එහෙනම් යන්නම් කිව්වත් යන්න දුන් නැහැ. යන්න හිතන්න එපා නුවර අද කඩුගන්නාවෙන් පහළට තමා යන්න වෙන්නෙ කිව්වා. ඒඑස්පී මහත්තයට කියල දවස් 14 ක් මාව රිමාන්ඩ් කරවනවා කිව්ව. තව පොඩ්ඩකින් කට්ටියට කඹයක් ගේන්න කියල ගහේ බැඳල තියන්න ඕන කිව්වා.

කෝටියක් වන්දි ඉල්ලනව. පුතෙක් ඉන්නව නේද කියල එයාගෙන් පලිගන්නව කිව්වා.
කාලි බලයෙන් සාප කරනව කිව්වා. ගෙදර ගිහින් බලන්න බිරියගේ බෙල්ල නැතිවෙලා තියෙයි කිව්වා.
නැගිටලා ඇවිල්ලා මගෙ ෆොන් එක අරගෙන හයියෙන් පොළොවෙ ගැහුවා. මගෙ කම්මුල් දෙකට හයියෙන් ගැහුවා.ඉන්පස්සෙ මගෙන් එක එක ප්‍රශ්න අහඅහ වීඩියෝවක් කරව ගත්තා. ඒ වීඩියෝව පස්සෙ ෆේස් බුක් එකේ දාලා තිබ්බා.‘

මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදුවන නමුත් තවම ධම්මික බණ්ඩාර ප්‍රශ්න කිරීමට ලක්කර නැත.

සැකසංකා මත  දිගින් දිගටම විවේචන එල්ල වුවද කෑගල්ලේ ධම්මික බණ්ඩාර සිය පැණිය නිෂ්පාදනය නැවත අරඹා ඇති අතර වරකාපොළ ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් මත මින් ඉහත නොමිලේ ලබාදුන් එම පැණිය අලෙවි කිරීමටද ඔහු ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය නීතිරීති ගැන තැකීමකින් තොරව තවමත් විශාල පිරිස් පැණිය මිලට ගැනීමට පැමිණෙමින් සිටී.
 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu