
ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ Covid-19 ආසාදිතයින් 525 දෙනා අතුරින් 193 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි..
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 94ක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්ය.
ඒ අනුව කොවිඞ් දෙවන රැල්ලේදි ගම්පහින් වාර්තාවූ කොවිඞ් ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා යමින් 10,071 දක්වා ඉහළ ගොස් ඇත.
ඊට අමතරව වව්නියාවේ 56ක්, කලුතර 29ක්, ගාල්ලේ 22ක්, අම්පාරේ 06ක්, කුරුණෑගල 12ක්, කෑගල්ලේ 15ක්, පුත්තලමේ 09ක්, යාපනයේ 09ක් සහ අනුරාධපුර 04ක් ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරට අයත්ය.
රත්නපුර 13ක්, මඩකලපුවේ 04ක්, නුවරඑළියේ 04ක්, මාතලේ 05ක්, ත්‍රිකුණාමලයේ 04ක්, මාතර 01ක්, මන්නාරමේ 04ක්, පොළොන්නරුවේ 15ක් සහ විදේශයන්හි සිට පැමිණි එක් අයෙකුද ඊයේ ආසාදිතයින් අතර වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval