
කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයක් හඳුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා
අධ්‍යයන අංශය සමත් වී තිබේ.
ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර
මහතා පැවසුවේ, මෙය බ්‍රිතාන්‍යයෙන් හමුවූ වෛරස් ප්‍රභේදයට වඩා වෙනස්
ප්‍රභේදයක් බවය.
එය ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය හැකි ප්‍රභේදයක් බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම ප්‍රභේදය ස්විට්සර්ලන්තය සහ ජර්මනිය ආදීරටවල පැතිර යන කොරෝනා ප්‍රභේදයකට බෙහෙවින්
සමාන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රභේදය හමුවී ඇත්තේ, නිරෝධායන මධ්‍යස්ථානයකින් ලබා ගත් සාම්පල් පරීක්ෂා කිරීමේදීය.
මෙම සාම්පල් ලබා දී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval