ඖෂධ නිෂ්පාදනය සඳහා ඉතා වැදගත් වන කැල්සියම් කාබනේට් හෙවත් කැල්සයිට් මෙරටදීම නිෂ්පාදනය කිරීමට සැළසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඖෂධවලට අමතරව දත් බෙහෙත් , ප්ලාස්ටික්, තීන්ත , පිගන් මැටි , රබර්  , සම් හා රෙදි ආදී විවිධ නිෂ්පාදන සඳහා මෙම රසායනික ද්‍රව්‍ය අවශ්‍යවන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ සම්පත් මේ සඳහා භාවිත කිරීමට අවධානය යොමු තිබෙනවා.


පූර්ණ රාජ්‍ය ආයතනයක් වන  භූ විද්‍යා හා පතල් කැනීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත අදාළ පර්යේශන කටයුතු භාරදීමටයි රජය සැළසුම් කර ඇත්තේ. ටොන් 2000 ක පමණ කැල්සයිට් තොගයක්  කුඩු බවට හැරවීමේ කර්මාන්තශාලවෙක් ඇරඹීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100 ක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව මෙම පර්යේෂණ සිදු කිරීමට නියමිතයි. බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ නිරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එක් වුණා. වාර්ෂිකව කැල්සයිට් ආනයනය කිරීම නිසා වැය කෙරෙන විශාල විදේශ විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් හැකි නව බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.