ඉතිහාසයේ තමා බලයට පත්වූ සෑමවිටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළ බවත්, පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නවන්න අප කිසිදා උත්සාහ නොකළ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවයට ඊයේ (25දා) පෙරවරුවේ එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අලූතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණය අක්කර 06 ක භූමි ප‍්‍රමාණයක පැතිර යන අතර වසර තුනකින් නිම කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 16,500 වැය කෙරේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

එක රටක් එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැඟීමේ කාර්යට රජය මුල පුරා තිබෙනවා. නීතියේ ප‍්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක‍්‍රමවේදයකින් ආරවුල් විසඳා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහ ජනතාව යන අප සියලූ දෙනා එක්ව යල් පැනගිය ක‍්‍රමවේදවලින් එළියට බැස ආකල්පමය වෙනසක් කළ යුතුයි.


යුක්තිය පසිඳලන අධිකරණය රටක මූලික අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් තබන ඓතිහාසික පියවරක් සඳහා මම පැමිණියේ ඉතාම සංතෝෂයෙන්. එදා අපි බලයට පත්වන විට ජනතා අභිලාෂයන් මුදුන්පත් කළ හැකි යෝජනා මාලාවක් රට හමුවේ තැබුවා. ඒ සඳහා අපට ජනතා ආශීර්වාදය ලැබුණා. රටේ පොදු මහ ජනතාවට අවශ්‍ය වුණේ අපි ඉදිරිපත් කළ එම ප‍්‍රතිසංස්කරණයන් ඉටුවනු දැකීම. අධිකරණය සම්බන්ධයෙනුත් පවතින්නෙ එවැනිම විශ්වාසයක්.

දේශපාලනික වශයෙන් අපි කුමන මතවාද දැරුවත් පරමාධිපත්‍ය බලය රැුඳී තිබෙන්නෙ රටේ ජනතාව සතුවයි. ඒ නිසා අප රට හමුවේ තබන ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිසංස්කරණයන් ඔවුන් තුළ විනිශ්චය වෙනවා කියන එක ඔබ දන්නවා. ඉතිහාසයේ අප බලයට පත් වූ සෑමවිටම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කළා. පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නවන්න අප කිසිදා උත්සාහ කළේ නැහැ.

ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියලූ දෙනා ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය වගේ, රටේ ස්වෛරීත්වයත් ආරක්ෂා වන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අප ජනතා අවධානය යොමුකළ බව ඔබ තමුන්නාන්සේලා දන්නවා. එය කෙටුම්පත් කිරීමට අවශ්‍ය කටයුතු දැනටත් සම්පාදනය වෙමින් පවතිනවා.


යල්පැනගිය නීති, ක‍්‍රියා පටිපාටි හා අණපනත්වලින් තවමත් අපේ රටේ ජනතාව පීඩාවට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ පීඩනයෙන් ජනතාව

මුදාගැනීම අපේ වගකීමක්. දැනට තිබෙන සිවිල් ආරවුල් අධිකරණය දක්වා ගෙන යෑම වෙනුවට ඒවා සමථ මණ්ඩල බලගැන්වීමෙන් විස`දිය හැකි ඒවා නම් ඒවා ඒ තුළ විසඳිය යුතු යැයි අපි කල්පනා කරනවා.

ඒ වගේම නඩු විභාග ප‍්‍රමාදය ජනතාවට ඉතා විශාල බරක් වෙලා තියෙනවා. මම දන්නවා ඇතමෙක් මුළු ජීවිත කාලෙම නඩු කියනවා. හැබැයි තීන්දුවක් ලැබෙන්නෙ නැතිව ඔවුන් අකාලයේ මියැදෙන අවස්ථාත් තිබෙනවා. මේ තත්ත්වය මඟ හැරීමට නම් මා විශ්වාස කරන්නේ අද ඇරඹෙන මේ අධිකරණ පියස නීතියේ සාධාරණත්වයේ පිහිට පතන ජනතා පියසක් බවට පත්විය යුතු බවයි.

වෙනදා කොළඹ අලූත්කඬේ ගොඩනැඟිලිවල තිබෙන අබලන් තත්ත්වය සාකච්ඡා වුණාට පස්සෙ ඊට පිළියමක් යෝජනා වුණේ නැහැ. අද අපි ඒ ස`දහා ස්ථීර විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා. මට මතකයි 2014 දී අපි මේ ගැන කතා කළා. අපට අවශ්‍ය වෙලා තිබුණා එදා පටන්ගන්න. රජයන් මාරුවීමත් එක්ක ඒවා අඩපණ වුණා. නමුත් අද මෙය ආරම්භ කරන්න පුළුවන් වීම ගැන සංතෝෂ වෙනවා.


අනුර බාලසූරිය