
පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ ඊයේ 20 වැනිදා දහවල් එක්දරු පියකු සිරුරට ගිනි තබාගෙන
අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව කියන මෙම එක් දරු පියා නිවසේ නිතර නිතර ඇති වූ ගැටුම් සමග කලකිරීමට පත්ව භූමිතෙල් හා පෙට්‍රල් සිරුරට වත්කර ගනිමින් ගිනි තියාගෙන මියගොස් ඇති බව පොලිසිය කියයි. මොහු ඊයේ 20 වැනිදා දහවල් තම සිරුරට ගිනි තබා ගන්නා ආකාරය දේවස්ථානයේ ආරක්ෂිත කැමරාවලද සටහන්ව තිබිණි.
-හිරාන් ප්‍රියංකර ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval