
අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් පෙරේදා පස්වරුවේ සාර්ථකව වටලා ඇතැයි බියගම පොලිසිය පවසයි.
කළමනාකාරිණිය දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනත්තියක බවද පොලිසිය කීය. කාන්තාවගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සහන මධ්‍යස්ථානයට ඇතුළු විය යුතු බවත් ඉන්පසුව එම තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු වන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කළමනාකාරිණිය හා කාන්තාව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
- ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval