
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න මහතාටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ (13) සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) සවස පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමද මේ තත්ත්වය හේතුවෙන් ලබන සඳුදා (18) තෙක් කල්දමා ඇත.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එම කාර්යාලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති බව පැවැසූ එම නිලධාරියා ඔවුන් පීසීආර් පරීක්ෂාවලටද ඊයේ (13) යොමු කරන ලදැයි ප්‍රකාශ කළේය.
පවතින තත්ත්වය හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval