
අනුරාධපුර අවන්තිදේවි ළමා නිවාසයේ දැරියන්ට සිදු වන බලපෑම් පිලිබද පසුගියදා සිදුවූ හෙළිදරව් වීම් වලින් පසුව
ඒ ගැන පරීක්ෂණයක් සිදුවූ අතර අද (14) එම නිවාසයේ පාලිකාව අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම හෙලිදරව් වීම් නිසා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද එම ළමා නිවාසයට ගොස් තොරතුරු විමසා බැලු බව පසුගිය දිනවල වාර්තාවී තිබුණි.
ළමා නිවාසයේ සිටි දැරියන් කෘරත්වයට පත්වී ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අවන්තිදේවි ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval