
දෙහිවල පොලිසියේ කොස්තාපල්වරුන් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි. එම පොලිසියේ කොස්තාපල්වරයකු මීට දින කිහිපයකට පෙර කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන්
එම කොස්තාපල්වරයා සමග සමීපව ඇසුරු කළ තවත් පොලිස් නිලධාරින් 20 දෙනකු ඉකුත්දා (5) පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමේ දී එම පිරිසෙන් තවත් කොස්තාපල්වරු දෙදෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බවට පෙරේදා (6) දින තහවුරු වූ බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.
ආසාදිත කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
කොස්තාපල්වරුන් තිදෙනකුට කොරෝනා ආසාදිත වුවද පොලිසිය තුළ කිසිඳු සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා එහි නිලධාරින් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.
පොලිසිය තුළ ක්‍රමවත් විෂබීජ හරණයක් සිදුකර නොමැති බවත් ඒ අනුව ඉදිරියේ තවත් පොලිස් නිලධාරින්ට ආසාදිත විය හැකි බවට පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
- ඉන්දිකා රාමනායක -
Comments
Post a Comment
Your comment will be visible after approval