
අලුත්ගම නගරයේ උත්සව ශාලාවක ඉකුත් දෙසැම්බර් 16 වැනිදා පැවැති විවාහ මංගල උත්සවයක දී හට ගත් කොරෝනා පොකුර ඊයේ (03) වනවිට 58ක් දක්වා ඉහළ ගොස් තිබූ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
මෙම කොරෝනා පොකුරට අදාළව 150කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇත. මෙහි මනාලිය කොරෝනා ආසාදිත බවට හඳුනා ගත්ත ද මනාලයා ආසාදිතයකු නොවන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මෙම කොරෝනා පොකුරේ තවත් ආසාදිතයන් සිටීදැයි හඳුනා ගැනීම සඳහා අදාළ පරික්ෂණ දිගින් දිගටම කරගෙනයයි.
-සුනිල් එස්. තන්ත්‍රිආරච්චි -
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]
Comments
Post a Comment
Your comment will be visible after approval