ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

ජපානයේ ජයිකා ආධාර මත මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පැවති යහපාලන රජය එකඟත්වය පලකර තිබුණි.

මෙම එකඟතාව පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබූ අතර ඒ අනුව ශක්‍යතා අධ්‍යන වාර්තාව,
ඉඩම් අත්පත්කරගැනීම්, උපදේශන කටයුතු සහ කාර්යාල පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැයකර ඇති බව හෙළිවේ. එසේ තිබියදී වර්තමාන ආණ්ඩුව විසින් ඒකපාර්ශවිකව මෙම ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබීය.
මෙවැනි තත්වයක් යටතේ  ජපානයේ ජයිකා ආයතනයට රුපියල් කෝටි 500ක පමණ වන්දියක් ගෙනීමට සිදුවනු ඇතැයි අනාවරණය කර ඇත.

ජාත්‍යන්තර එකඟතා ගිවිසුම් ඒකපාර්ශවිකව කඩකිරීම මෙයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද විදේශයන්ට වන්දි ගෙවා තිබේ. ඒ හෙජින් ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙනි. විදේශ බැංකු දෙකකට රුපියල් කෝටි 1000කට ආසන්න වන්දියක් ගෙවා ඇති අතර තවත් බැංකුවක් විසින් ඒ සම්බන්ධයෙන් පවරා තිබෙන නඩුවක් ලන්ඩන් නුවර වාණිජ අධිකරණයේ විභාග වෙමින් පවතී. නීතීඥ ගාස්තු සහ ගමන් ගාස්තු වශයෙන්ද මෙම නඩු සඳහා තවත් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වැය කර තිබේ.