
අද පෙරවරුවේ දී ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ, කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදු කෙරුණු විශේෂ වැටලීමකදීයි. අදාළ බස් රථය ධාවනය කළ 27 හැවිරිදි රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය කරන අතරතුර ස්ථාන කිහිපයකදීම මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
ඒ අනුව ඉන්දියාවේ දි මිය ගිය බවට සඳහන් කරන අංගොඩ ලොක්කා නැමති අපරාධකරුගේ ගෝලයෙකු වන ලැටී නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval