
පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් 13 දෙනකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. එම තරුණයන් රැගෙන ආ බව කියන යතුරු පැදි අටක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බහුතරයක් යතුරුපැදිවලට විවිධ අංගෝපාංග අන්තරාදායක ලෙස සවිකර ඇති බවත් සමහරක් යතුරුපැදිවලට විවිධ පැතිවලට හැරවිය හැකි ආකාරයේ ඉතා කුඩා පැති කණ්ණාඩි සවිකර තිබූ බවත් පොලිසිය කියයි.
තරුණයන් පිරිසක් ඉතා අපරික්ෂාකාරි ලෙස යතුරු පැදි පදවන බවට පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් රංජිත් මහතාට ලද තොරතුරක් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක වීරසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් එම තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස, පානදුර, කොහුවල හා මොරටුමුල්ල ආදී ප්‍රදේශවල මෙම තරුණයන් පිරිස පදිංචිව සිටින බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් තරුණයන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval