
කොරෝනා රෝගීන්ට ලබාදීමට අපේ වෙද මහත්මයෙක් සොයාගෙන ඇති ඖෂධය ගැන රජරට විශ්වවිද්‍යාලය
සිදුකරන පර්යේෂණවලින් පසු දින 3කින් එම බෙහෙත කොරෝනා රෝගීන්ට දිය හැකි බවත් එමඟින් රෝගය
නැති බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.
අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබාදෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම
හිතන එක වැළැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත්
බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්ත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ
කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින්
පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ
බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු
කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගේ ‘උපාධි
සහතිකය’ ඉල්ලා සිටීවි.
දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු
අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ
බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශේර්ෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික
ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය
පුරා බොහෝමයක් තිබිය හැකියි.
ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරි
ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කරන උපාධිධාරි ව්‍යවසායක උදානය
වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (08දා) මේ බව කීය.
(ජයත් ශ්‍රී බණ්ඩාර)
පහත පළවන්නේ ධම්මික බණ්ඩාර වෙදමහතාගේ නොමිලේ පැණි බෙහෙත් දන්සල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කර තිබූ දැන්වීමයි.

Comments
Post a Comment
Your comment will be visible after approval