රත්ගම කලපුවේ පිහිටි පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන නෙදර්ලන්ත ජාතික හිමිනමක් ඊයේ (08දා) දහවල් රත්ගම කලපුවට වැටී අපවත්වී ඇති බව එම පොලීසිය පවසයි. නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි ජිනවංශ නමැති මෙම හිමි නම ඊයේ (08දා) දහවල් ආරණ්‍යයේ සිට ඔරුවෙන් ගොඩබිමට පැමිණ ඇති බවත්, පැය කිහිපයකට පසු උන්වහන්සේගේ සිරුර කලපුවේ පාවෙමින් තිබෙනු ප්‍රදේශවාසීන් දැක ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව ඊයේ සවස උන්වහන්සේගේ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත යැවූ බවද පොලීසිය පැවසීය.
මෙම ආරණ්‍ය සේනාසනයේ විදේශීය භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම වැඩ සිටිති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- රවිඳු දියගහගේ -
Comments
Post a Comment
Your comment will be visible after approval