කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 07 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවකොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.


මේ අතර වෛද්‍යවරයෙක්, හෙදියන් දෙදෙනෙක්, ගිණුම් අංශයේ නිලධාරිනියක් සහ සුළු සේවකයන් තිදෙනකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එම රෝහලේ 10 වාට්ටුව විෂබීජානුහරණය කිරීමට පියවර ගෙන තිබේ.

කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.

අදාළ පැණිය සායනික පරීක්ෂණ වලින් තොරව අත්හදා බැලූ බව කියන මේ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යවරිය වන චූලා බණ්ඩාර මහත්මියට මේවන විට ගැටලු මතව ඇතැයි ද පැවසේ.