
ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ 'SLTB Taxi Service' නමින් කුලී රථ සේවාවක් රට තුළ ආරම්භ කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ලංගම බස් රථ ධාවනය හා ඒකාබද්ධ කරමින් ආරම්භ කිරීමට නියමිත මෙම කුලී රථ සේවාව හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම් ඉහළ දැමීම අරමුණ වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ විදෙස් කුලී රථ සේවා රට තුළ ක්‍රියාත්මක වීම හරහා විදේශයන්ට ඇදෙන මුදල් ශ්‍රී ලංකාව තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
එසේම ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණයට ලක් නොකළද, අදාළ ඩිපෝ භූමි තුළ ආයෝජන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
- නිදර්ශනී වික්‍රමසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval