සමගි ජන බලවේගය නව දේශපාලන පක්ෂයක් ලෙස ශක්තිමත් කරමින් සමගි බල සන්ධානය ගොඩනගන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා  පැවසිය.  එම පුළුල් නව සන්ධානයට සිය 
සන්ධානය වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු තවත් සුළු දේශපාලන පක්ෂ එක්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මහමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ ද රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂය තවදුරටත් බදාගෙන සිටින  බැවින් එම අදහස අත්හැර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.


පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය හා සෘජුව සම්බන්ධ වනු ඇති අතර සමගි ජන බලවේගය නව සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස කටයුතු කරනු ඇති බවද මනෝ ගමන් මහතා පැවසීය.  නව සන්ධානය ස්ථාපිත කිරිමෙන් පසුව කැමැති නම් එක්සත් ජාතික පක්ෂයට වුවද එයට සම්බන්ධවීමේ හැකියාව ඇති බවද හෙතෙම සඳහන් කළේය.


-ලක්ෂ්මි ජයකොඩි-