පැරණි සිනමා නිළියක වන පුණ්‍යා හීන්දෙනිය මහත්මිය කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත 
ලබාගත් මුල් ලාංකික පිරිස අතරට එක්වී තිබේ. දිග කලෙක සිට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ලන්ඩන් නුවර වාසය කරන ඇය හා ඇගේ සැමියා වන වෛද්‍ය මිල්රෝයි නානායක්කාරට කොරෝනා එන්නත මුල්වටයේදීම විදගන්නට හැකිවූ බවට ඇය ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් දන්වා ඇත.
 ගම්පෙරළිය චිත්‍රපටයේ  නන්දා, පරසතුමල් චිත්‍රපටයේ කමලා හා රන්සළු චිත්‍රපටයේ සුජාතා ඇතුළු මතකයේ රැඳෙන චරිත ගණනාවක් සිංහල සිනමාවට දායාද කළ ඇය මේවනවිට 82 වන වියේ පසුවන්නීය.පුණා හීන්දෙනිය මහත්මියට දියණියන් දෙදෙනෙකු සහ මුණුපුරු මිණිපිරියන් හයක් සිටී.
බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත ලබාදීමේදී සෞඛ්‍ය අංශ වලට හා වයෝවෘද්ධ පිරිස් වෙත ප්‍රමුඛතාවය ලබාදී ඇත.