
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග 2021 ජනවාරි 18 සිට 27 දක්වා වන පෙර සැලසුම් කළ කාලයේදී සිදුනොකරන බවත් බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා.
අමාත්‍යවරයා අද (03) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට හැකි වනු ඇති බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval