
කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය ජනවාරියේ පවත්වන බව මීන් ඉහත තීරණය කර තිබුණද පාසල් දිගින් දිගටම වසාදැමීමට සිදුවීම නිසා 11 ශ්‍රේණියේ විෂය නිර්දේශ ආවරණය සම්බන්ධ ගැටලු පැනනැගිණි. දැනට බස්නාහිර පළාතෙන් පිට පමණක් පාසල් පැවැත්වෙන බැවින් සියයට 50 කට ආසන්න බස්නාහිර පාසල් සිසුන්ට අසාධාරණයක වන නිසා විභාගය කල් දමන බව මින් ඉහත ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ අතර සති දෙකකට වරක් සිදු කරන සමාලෝචනය අනුව සති 06 ක් තුළ දින ප්‍රකාශ කරන බව කීය. කෙසේ වෙතත් එලෙස පවසා සති දෙකක් යද්දී මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා
විභාගය පවත්වන බවට දැන් දින නියම කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval