ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් මීගමුව බන්ධනාගාරයේ වහලය මතට නැග ඉකුත් විරෝධතාවේ නිරත වූ කාන්තා රැදවියන් පිරිස අතර විදේශික කාන්තාවන් පස්දෙනකු ද සිටි බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් පැවැසීය.
මෙම විදේශික කාන්තාවන් පස්දෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අය බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සිවුදෙනෙක් මුලින්ම කාන්තා අංශයේ වහල මත නැග ඇප ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවක නිරතව සිටි බව එම බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
රාත්‍රී කාලය වනවිට විදේශීය කාන්තාවන් පස්දෙනා ඇතුළු තවත් කාන්තාවන් 21 දෙනකු වහලයට නැග විරෝධතාවේ නිරත වූ බව හෙතෙම සඳහන් කළේය.
කාන්තා අංශයේ වහලය මත නැග විරෝධතාවේ නිරතව සිටි කාන්තා රැඳවියන් සියලුදෙනා ඉකුත්දා (1) අලුයම විරෝධතාව අවසන් කර වහලයෙන් බැස ගිය බව ද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -

Comments
Post a Comment
Your comment will be visible after approval