ඊයේ (2) රාත්‍රී 10.40ට පමණ මිනුවන්ගොඩ පොලිස් වසමේ ඕපාත කොටුගොඩ ප්‍රදේශයේ නිවසක දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවී තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පණිවිඩයක් ඔස්සේ මිනුවන්ගොඩ
මියගොස් ඇත්තේ අඹුසැමියන් වන අතර සැමියාගේ වයස 40 කි බිරියට 38 කි. කිසියම් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය හා සිය දිවිනසැගැනීම සිදුවූයේදැයි පරීක්ෂණ පැවැත්වේ.
මෘත ශරීර පොලිස් ආරක්ෂව යටතේ එම ස්ථානයේම තබා ඇත. මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.




