ඊයේ (2) රාත්‍රී 10.40ට පමණ මිනුවන්ගොඩ පොලිස් වසමේ ඕපාත කොටුගොඩ ප්‍රදේශයේ නිවසක දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවී තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පණිවිඩයක් ඔස්සේ මිනුවන්ගොඩ 
පොලිස් කන්ඩායමක් මේ කියන නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී පුද්ගලයකු නිවසේ වහලයට ගැට ගැසු ලණුවක ආධාරයෙන් ගෙල වැලලාගෙන මියගොස් සිට ඇති අතර, නිවසේ කාමරයක කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබී ඇත.
මියගොස් ඇත්තේ අඹුසැමියන් වන අතර සැමියාගේ වයස 40 කි බිරියට 38 කි. කිසියම් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය හා සිය දිවිනසැගැනීම සිදුවූයේදැයි පරීක්ෂණ පැවැත්වේ.
  මෘත ශරීර පොලිස් ආරක්ෂව යටතේ එම ස්ථානයේම තබා ඇත. මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.